තෙවන වරටත් පැවැත්වෙන 'දෙරණ' 24 පැයේ බත් දන්සලට සියල්ල සූදානම්

තෙවන වරටත් පැවැත්වෙන 'දෙරණ' 24 පැයේ බත් දන්සලට සියල්ල සූදානම්

May 29, 2026   03:32 pm

24 පැය පුරා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල ටීවී දෙරණ සංවිධායකත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී හෙට (30) සහ අනිද්දා (31) දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

ඒ අනුව හෙට පස්වරු 07ට ආරම්භ වන දන්සල පසුදින පස්වරු 07 දක්වා පැවැත්වීමට නියමිතය.

වෙසක් පොහොය නිමිත්තෙන් ටීවී දෙරණ සංවිධානය කරන මෙම දන්සල සංවිධාන කරන්නේ 2024 වසරේ සිටය.

එය මෙවර පැවැත්වෙන්නේ තුන් වැනි වරටය.

ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව මේ වෙනුවෙන් ටී වී දෙරණ සමග අත්වැල් බැඳගනී.