අයිස් එක්ක සැකකරුවෙකු නාවලපිටියේ දී අත්අඩංගුවට
May 29, 2026 05:46 pm
දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්රූම් 5ක් සමග නාවලපිටිය පොලීසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක දී මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමක් ද සිදු කර ඇති අතර එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
සැකකරු සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
