මරණ දඬුවම හිමිවූ සිරකරුවෙක් වස පානය කරයි
May 29, 2026 08:07 pm
මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු වස පානය කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිරමැදිරියේ වැසිකිළිය තුළ දී මෙම පුද්ගලයා මෙලෙස වස පානය කර ඇති බව වාර්තා වේ.
ඝාතන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වීම හේතුවෙන් මොහුට අද (29) නුවරඑළිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.
මෙම පුද්ගලයා ඇතුළුව සිව්දෙනෙකුට මෙහිදී මරණ දඬුවම නියම කර ඇති බවද සඳහන්.
