ලාඕසයේ අඩි 1000ක් ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් සිව්දෙනෙකු බේරා ගැනේ
May 30, 2026 05:48 pm
ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ දින 10කට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන්ගෙන් සිව්දෙනෙකු මුදාගැනීමට ලාඕසයේ සහ තායිලන්තයේ සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
රත්‍රං සෙවීම සඳහා ගම්වැසියන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය මැයි 20වැනිදා මෙම ගුහාවට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඒ අතරවාරයේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සහ ගුහාව අභ්‍යන්තරයේ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහා දොරටුව සම්පූර්ණයෙන් වැසීගොස්, ඔවුන්ට යළි පැමිණීමට නොහැකිව මෙලෙස සිරව සිටියි.
මෙම අවස්ථාවේ දී එක් අයෙකු ඉන් මිඳි යළි ගොඩට පැමිණ ඇති අතර, ඔහු විසින් සිරවී සිටින පුද්ගලයන් පිළිබඳ වගකිව යුතු බලධාරීන්ට දැනුම්දී ඇත.
ඔහුගේ එම දැනුම්දීමට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම මෙලෙස ක්‍රියාත්මක කර තිබේ.
