වෙසක් පොහොය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත වූ තොරණ 

වෙසක් පොහොය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත වූ තොරණ 

May 30, 2026   10:32 pm

බොරැල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල ඉදිකරන ලද තොරණ විවෘත කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

මෙලෙස විවෘත කෙරුණේ, බොරැල්ල මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් ඉදිකරන ලද ‘සම්බුලා ජාතකය’ ඇතුළත් තොරණ සහ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ ඉදිකරන ලද ‘සමුද්‍ර වාණිජ’ ජාතක කථාව රැගත් තොරණය.

මේ අවස්ථාවට මහාසංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නජිත් ඉන්දික, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, දිලිත් ජයවීර යන  මහත්මමහත්මීන්, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන්, මැගසින් එක්සත් වෙළඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු වෙළඳ සංගම් සභාපතිවරුන්, සාමාජිකයින්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.