සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
May 30, 2026 11:28 pm
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 478ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 495කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434ක් ලෙස දැක්වෙයි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 285ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

