පැදිකරුගේ පාලනයෙන් ගිලිහු‍ණු යතුරුපැදියේ ගැටී දරුවෙකු මරුට

පැදිකරුගේ පාලනයෙන් ගිලිහු‍ණු යතුරුපැදියේ ගැටී දරුවෙකු මරුට

June 6, 2026   06:48 am

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පිරිමි දරුවෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් එම දරුවා ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම අනතුර සිදුවී තිබුණේ ඊයේ (05) දහවල් පොතුවිල් පොලිස් වසමේ පොතුවිල් පානම මාර්ගයේ පසරච්චේන ප්‍රදේශයේදී ය.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පිරිමි දරුවා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි දරුවා මෙලෙස මියගොස් ඇත.

මියගිය දරුවා අවුරුදු 08 මාස 10 ක් වූ පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  
 
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.