තෙදින ඩෙංගු මර්දන සතියේ ආරම්භක දින පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට

තෙදින ඩෙංගු මර්දන සතියේ ආරම්භක දින පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට

June 8, 2026   07:50 pm

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (08) දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72කින් ආරම්භ විය. 

මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මදර්න වැඩසටහන ලබන (10) දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

මදුරු මදර්න වැඩසටහනේ පළමු දිනයේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ දී සමාලෝචනයක් සිදු කරමින් ජාතික ඩෙංගු මධර්න ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ ආරම්භක දින වැඩ කටයුතු ඉතා සාර්කව සිදු වූ බවයි.

මෙම වැඩ සටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඩෙංගු සහායකයින් ඇතුළු සෞඛ්‍ය කායර් මණ්ඩල සමග එක්ව කණ්ඩායම වශයෙන් ගෙයින් ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබේ. 

ඒ අනුව තෙදින ඩෙංගු මදුරු වැඩසටහනේ පළමු දිනය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාස 72ක් තුළ පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බවත්, නිවෙස්, පාසල්, රාජ්‍ය ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල වශයෙන් හදුනා ගැනීමට හැකි වී ඇත.

මේ අතර, ආයතන සහ පරිශ්‍ර රැසක මදුරු කීටයින් සහිත ස්ථාන වාර්තා වීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාගර් ද ගැනීමට සිදුව ඇති බව ද සඳහන් වෙයි.