විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට
June 9, 2026 08:15 pm
විදෙස්ගත සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයින් 8ක් ඇතුළු සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
අද (09) දින අලුයම ගල්කිස්ස, දෙහිවල සහ අඟුලාන ප්‍රදේශ ආවරණය වන පරිදි ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් සතුව ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-56ත් අතර පසුවන අඟුලාන, මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ සිදුවූ තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධ ඇතුලු විවිධ අපරාධවලට සම්බන්ධ බබවට දැනට සිදු කෙරෙන විමර්ශනයේදී අනාවරණය වි ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරති.
