දුම්රිය නියාමකවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක

දුම්රිය නියාමකවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක

June 9, 2026   08:54 pm

දුම්රිය නියමකවරුන් විසින් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගයකය හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය ධාවනට අඩාල විය හැකි බව දුම්රිය නියාමකරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් රුක්මල් බංඩාර මහතා පැවසුවේ රාත්‍රි දුම්රියට ගමනාන්ත කරා ගෙන යන බවත් හෙට උදෑසන ආරම්භ කරන දුම්රිය සඳහා සේවා ස්ථාන වෙත වාර්තා කිරීම් සිදු නොකිරීමට සිය සංගමය තීරණය කළ බවය.

ඒ අනුව හෙට දිනයේදී පැය 24ක සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් රුක්මල් බංඩාර

"දුම්රිය ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපළ හා මගී ජීවිත අනතුරට ලක් කරමින් සහ දෙපාර්තමේන්තුවේ නීති පිළිබඳව කිසිදු තැකීමකට ලක් නොකරමින් දුම්රිය දොඹකර රථ දවස් කිහිපයක් තිස්සේ ධාවනය වෙලා තිබෙනවා. දවස් කිහිපයක් තිස්සේ අපි දැනුම්දීමක් කළා මේ තත්ත්වය නැවත ඇති වෙන්න ඉඩ තියන්න එපා කියලා. නමුත් ඒ තත්ත්වය නොසලකාහරිමි නැවතත් අවස්ථා දෙකකදි ධාවනය වෙලා තිබෙනවා. මේකට විරෝධය පළ කරමින් මේ වෙනුවෙන් කටයුතු කරපු, නියෝග නිකුත් කරපු අය ඉන්නවානම් ඒ අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කළා. නමුත් අපේ ඉල්ලීමට දක්වපු ඇල්මැරුණු ස්වභාවය හින්දා අපි සංකේත වැඩවර්ජනයකට යන්න තීරණය කළා'"