මීළඟ Artemis III මෙහෙයුමට එක්වන ගගනගාමීන් නම් කරයි
June 10, 2026 07:05 am
නාසා ආයතනය විසින් එහි මීළඟ ආටෙමිස් (Artemis III) මෙහෙයුම සඳහා අමෙරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ ඉතාලි ගගනගාමියෙකු නම් කර තිබේ.
මෙම සති දෙකක Artemis III මෙහෙයුම චන්ද්‍රයා වෙත නොයන නමුත්, අනාගතයේදී ගගනගාමීන් චන්ද්‍ර පෘෂ්ඨයට රැගෙන යාම සඳහා භාවිත කෙරෙන ප්‍රධාන ගොඩබෑමේ යානා දෙකේ පළමු අභ්‍යවකාශ පරීක්ෂණය ලෙස සැලකේ.
මෙම මෙහෙයුම ලබන වසරේ පෘථිවියේ කක්ෂයේදී සිදු කෙරෙන අභ්‍යවකාශ යානා සම්බන්ධ කිරීමේ (docking) විශේෂ අත්හදා බැලීමකි.
SpaceX සමාගමේ Starship සහ Blue Origin සමාගමේ Blue Moon චන්ද්‍ර ගොඩබෑමේ යානා ප්‍රථමවරට අභ්‍යවකාශයේදී පරීක්ෂා කෙරෙනු ඇත.
නාසා ආයතනය පරිපාලක ජැරඩ් අයිසැක්මන් විසින් හිවුස්ටන් නගරයේ පැවති උත්සවයකදී අමෙරිකානු ගගනගාමීන් වන ඇන්ඩ්‍රේ ඩග්ලස්, ෆ්රෑන්ක් රුබියෝ සහ රැන්ඩි බ්‍රෙස්නික් සමඟ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙහි ඉතාලි ගගනගාමී ලූකා පර්මිටානෝ මෙම කණ්ඩායමට නම් කළේය.
58 හැවිරිදි රැන්ඩි බ්‍රෙස්නික් මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර, ඔහු අභ්‍යවකාශ ගමන් තුනක අත්දැකීම් ඇති හිටපු පරීක්ෂණ ගුවන් නියමුවෙකි.
