තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව රතු නිවේදනයක්
June 11, 2026 10:57 am
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර, නිවේදනය හෙට උදෑසන 10.30 දක්වා වූ ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70 දක්වා වැඩි වන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
