දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

June 11, 2026   11:27 am

දිට්වා සුළිකුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පත් කළ විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කළ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කිරීමට අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.  

ඒ අනුව මෙම සභාව විසින් නිරීක්ෂණය කරන ලද කරුණු සඳහා පසුගිය ජනවාරි 21 වෙනිදා පාර්ලිමේන්තුව විසින් යෝජනා කළ පරිදි එම කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස  තුනක් ඇතුළත ලබා දිය යුතුව තිබුණි.

ඒ අනුව එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ, මේ මස 19 වෙනිදාය.