සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියාට ඇප
June 11, 2026 04:37 pm
හොරණ, බටගොඩ 'මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල' රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.
කෙසේ නමුත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිට ඇත.
ඒ අනුව නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාැරීමට නියෝග කර තිබේ.
කෙසේ නමුත් සැකකරුගේ විදේශ ගමන් තහනමක් පනවා ඇත.
නඩුව මෙම මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
