ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

June 15, 2026   05:36 am

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. 

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු ගාස්තුවකින් තොරව විවෘත වන අතර ඇමරිකානු නාවික අවහිරතාවය ද අවසන් වන බවය.

"ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!" යනුවෙන් ට්‍රම්ප් එහි සටහන් කර තිබුණි.

මේ අතර, ලබන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේදී මෙම ගිවිසුමට අත්සන් තබන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, මෙම ගිවිසුමේ නිශ්චිත කොන්දේසි මොනවා ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.