ජර්මනියෙන් කුරසාවෝ පිලට එරෙහිව ගෝල 7-1ක දැවැන්ත ජයක්
June 15, 2026 06:58 am
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 'E' කණ්ඩායම යටතේ පැවැති තරඟයකින් කුරසාවෝ කණ්ඩායම පරදවා ගෝල 7-1ක විශිෂ්ට ජයක් ලැබීමට ජර්මනිය සමත් විය.
තරඟය ආරම්භයේ සිටම ඉතාමත් දක්ෂ ලෙස ක්රීඩා කළ ජර්මානු ක්රීඩකයෝ තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 4ක් ලබා ගනිමින් පෙරමුණ ගත්තේය.
ප්රබල ජර්මානු කණ්ඩායම හමුවේ දැඩි පසුබෑමකට ලක් වූ කුරසාවෝ කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය තරඟයේ 73 වන මිනිත්තුවේදී වාර්තා කර ඇත.
කෙසේවෙතත් මෙම ජයග්රහණයත් සමඟ තම කණ්ඩායම් කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගැනීමට ජර්මනිය සමත්ව ඇත.
