අධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
June 16, 2026 06:44 am
එළැඹෙන 20වෙනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.
එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවය.
රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගනු ලැබීය.
එම නීතිය ක්රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය ලබන 19 වන දිනෙන් අවසන් වේ.
ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
