මෙම වසරේ ඩෙංගු රෝගය අධි වසංගතයකට යෑමේ අවදානමක්
June 17, 2026 04:54 pm
ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම සීමාව ඉක්මවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද දෙරණ 'BIG FOCUS' වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඔහු පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ සිට ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවය.
ඒ අනුව, අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 5600ක් වන අතර මැයි මස ඩෙංගු රෝගීන් 8500ක් වාර්තා වී තිබේ.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
"සාමාන්‍යයෙන් ඩෙංගු වසර කිහිපයකට සැරයක් අධි වසංගතයකට යන ස්භාවයක් තමයි ඉතිහාසයේ තියෙන්නේ. මේකෙදී රතු අගය තියෙන්නේ 2017දී. මේ වසරේ ප්‍රස්ථාරයේ නිල් පැහැති අගය ඉහළට යමින් පවතිනවා. මේක අපිට අඩු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ වෙලාවේ ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් වෙනවා. වසර පුරාම ක්‍රියාත්මක වීම වැදගත්. දේශගුණික කාලගුණික තත්ත්වයන් අනුව මේක උච්ඡාවචනය වෙන්න පුළුවන්"
