සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
June 18, 2026 11:11 am
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදී එම වගාවන්වලට ස්වභාවිකව සිදුවන ආපදාවන් ආවරණය කිරීමට වැඩලපිළිවෙලක් සකසා තිබේ.
විශේෂයෙන්ම කුරුඳු, රබර්, කෙසෙල්, තේ හා පොල් යන වගා ක්ෂේත්‍ර ගත්කළ එහිදී ප්රමුඛත්වයක් ගනු ලබයි.
මීට අමතරව බිත්තර වී ගොවිපොළවල් ඉලක්ක කර ගනිමින් ද රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇත.
මෙම සියළුම වගා රක්ෂණ යෝජනා ක්‍රම සඳහා සහනදායී වාරික මුදලක් යටතේ දායකත්වය ලබා ගැනීමට හැකියාව පවතින අතර අනපේක්ෂිත හදිසි, ස්වාභාවික ආපදාවලදී තම වගාවන්වලට වන හානිය මෙමඟින් ආවරණය කරගැනීමේ හැකියාවක් දේශීය ගොවීන්ට සලසා දී ඇත.
දේශගුණික හා කාලගුණික විපර්යාසයන් හේතු කොටගෙන නිරන්තරයෙන් ඇතිවන නියං තත්ත්වයන් හා අධික වර්ෂාව හේතුවෙන් වගාවන් නිරන්තර අවදානමට ලක් වේ.
විශේෂයෙන් වර්තමානයේ ඇතිවන 'එල්නිනෝ' ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ කෘෂිකර්මාන්තයට දැඩි අවදානමක් ඇතිවිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දිවයින පුරා පිහිටුවා ඇති දිස්ත්‍රික් කාර්යාල 30න් ලබා ගැනීමට හැකියාව පවතින අතර 1918 ඇමතුම් අංකය මඟින්ද අවශ්‍ය විස්තර ලබාගත හැක.
