විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 28,614ක් පරීක්ෂාවට
June 21, 2026 11:41 am
පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,614දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 580දෙනෙකු සහ වරෙන්තුකරුවන් 108දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඊට අමතරව බීමත් රියදුරන් 73ක් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 128දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
