කොග්ගල ඛේදවාචකයේ අවසන් මොහොත ගැන ඇසුණු දුක්බර කතාව

කොග්ගල ඛේදවාචකයේ අවසන් මොහොත ගැන ඇසුණු දුක්බර කතාව

June 21, 2026   04:29 pm

ගාල්ල, කොග්ගල මෝය කට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (21) දහවල් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගියේ කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එක්දරු පියෙකි.

අදාළ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ සංචාරයක් සඳහා කොග්ගල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ දී ඇත.

කෙසේවෙතත් සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු සඳහන් කර සිටියේ මෙම පුද්ගලයා බීමත්ව සිටි බවය.

එමෙන්ම දියනෑම සඳහා මෝය කටට නොඑන ලෙසට ඔවුන්ට උපදෙස් ලබා දුන්න ද එම උපදෙස් පිළි පැදීමකින් තොරව තිදෙනෙකු මෝය කට වෙත පිහිනා ගිය බවත් ඔහු සඳහන් කර සිටියේය.

එහිදී දෙදෙනෙකු ගල් වැටිය වෙත ගොඩ වී දිවි බේරාගත් බවත් අනෙක් පුද්ගලයා ජල පහරට හසු වී ගසා ගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා වැඩිදුරටත් පැවසීය. 

පසුව ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔහුව බේරා ගෙන රෝහල් ගත කිරීමට පියවර ගත් බවද ඔහු මෙහිදී සඳහන් කළේය.