කටාර්හි ගෑස් කර්මාන්තශාලාවේ පිපිරීමෙන් 13ක් මරුට - 66කට තුවාල

කටාර්හි ගෑස් කර්මාන්තශාලාවේ පිපිරීමෙන් 13ක් මරුට - 66කට තුවාල

June 22, 2026   09:20 pm

කටාර් රාජ්‍යයේ විශාලතම ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන 'රස් ලෆාන්' (Ras Laffan) කාර්මික කලාපයේ පිහිටි 'බර්සාන්' (Barzan) දේශීය ගෑස් සැපයුම් ඒකකයේ අද (22) විශාල පිපිරීමක් සිදුවිය.

අනතුරින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 66 දෙනෙකු තුවාල ලබා තිබේ.

කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ සතුරු ප්‍රහාරයක් නොවන බවද, පද්ධතිය නැවත ආරම්භ කිරීමේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා හටගත් අනතුරක් බව සඳහන් වෙයි.