පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබයි
June 23, 2026 11:38 am
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
ඒ් , විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කථානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමත් සමගය.
කථානායකවරයා විසින් විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී, සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාළ කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවත්ය.
එම විමසීමට එකඟ නොවීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමටත් සමඟ පාර්ලිමේන්තුව තුළ මතගැටුමක් ආරම්භ විය.
මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන ලදී.
