එල් නිනෝ බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

එල් නිනෝ බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

June 23, 2026   06:36 pm

ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම කරමින් ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන් මෙම කමිටුව සඳහා පත් කර තිබේ.

එමෙන්ම එම අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන් කමිටුවක්ද පත් කර තිබේ.

එම අනුකමිටුව පහතින්,