අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට
June 25, 2026 03:23 pm
මහා භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ, මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගිය 23 වෙනිදා එම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දීය.
මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප් පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබුණි.
