වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළට

June 26, 2026   06:36 pm

වෙනිසියුලාවේ සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 589ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 2,980ක් පමණ වන අතර තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරව ඇති බවට සැක පළ කරන බවය.

එමෙන්ම මීට පෙර නිකුත් කළ නිල වාර්තාවලින් දැක්වුණේ පුද්ගලයන් 235දෙනෙකු මියගොස් 4,300දෙනෙකු තුවාල ලබා ඇති බවය.

කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් පිරිසක් ද වන බව වාර්තා වේ.

වෙනිසියුලාවේ රැදී සිටි ස්පාඤ්ඤ ජාතිකයින් තිදෙනෙකු මෙම භූකම්පනයෙන් මියගොස් ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇති අතර තවත් 99දෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව ද ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව පෘතුගාල ජාතිකයින් 9දෙනෙකු, බ්‍රසීල ජාතිකයින් දෙදෙනෙකු, චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලි ජාතිකයෙකු ද මෙම භුකම්පනයෙන් මියගොස් ඇති බව අදාළ රටවල තානාපති කාර්යාලය විසින් තහවුරු කර ඇත. 

කෙසේවෙතත් වෙනිසියුලාවට සහන සැලසීම වෙනුවෙන් රටවල් කිහිපයකම ආධාර රැගත් කණ්ඩායම් මේ වන විට එරට වෙත ලඟා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.