දිවයින පුරා දන්සල් 7,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට
June 29, 2026 02:39 pm
පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දන්සල් 7,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය පැවසුවේ ඒ අනුව දිවයින පුරා දන්සල් 7,215ක් පරීක්ෂාවට ලක් කළ බවය.
එහිදී අඩුපාඩු පැවතීම හේතුවෙන් නිවැරදි කර පවත්වාගෙන යාමට දන්සල් 131කට අවසර ලබා දී තිබේ.
එමෙන්ම ප්‍රමිතියෙන් තොරව සකස් කළ සිසිල් බීම දන්සල් 04ක් තහනම් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,412ක් ලියාපදිංචි වී තිබුණු අතර අද සහ හෙට පවත්වනු ලබන එම දන්සල් පරීක්ෂාවට ලක් කරන බව එම සංගමය සඳහන් කළේය.
එමෙන්ම පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළෙඳසැල් සහ තාවකාලික පොසොන් වෙළෙඳසැල්ද පොසොන් සතියේදී පරීක්ෂාවට ලක් කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
