පොලීසියට චන්ඩි පාට් දැම්ම 5ක් අත්අඩංගුවට

පොලීසියට චන්ඩි පාට් දැම්ම 5ක් අත්අඩංගුවට

June 30, 2026   02:19 pm

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පෑ සැකකරුවන් පස්දෙනෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) දහවල් වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ මිහිඳු පෙරහර රාජකාරී යෙදී සිටි පොලිස් නිලධරයන් රථවාහන හැසිරවීමේදී කැබ් රථයක සිටි පිරිසක් විසින් මෙලෙස එම පොලිස් නිලධාරීන්ට බාධා කර ඇති බව සඳහන් වේ.

සැකකරුවන් අවුරුදු 20 සහ 21 වයස්වල පසුවන නිට්ටඹුව හා යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

වේයන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.