කාන්තා T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද 

කාන්තා T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද 

June 30, 2026   03:02 pm

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යන කණ්ඩායම් අතරය.

ඕඩල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වනු ඇත.

මේ අතර මෙම තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ජූලි මස දෙවෙනිදා ඕඩල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් අතර මෙරට වේලාවෙන් රාත්‍රී 11.00ට ආරම්භවීමට නියමිතව තිබේ.