උතුරේ දෙමළ දේශපාලන නියෝජිතයින් සහ තමිල්නාඩු මහඇමති අතර හමුවක්
July 3, 2026 06:07 pm
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් පිරිසක් සහ තමිල්නාඩු මහඇමති ජෝසප් විජෙයි අතර හමුවක් අද (03) පවත්වා තිබේ.
එහිදී මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මහඇමති වෙත භාරදී ඇති බව සඳහන්ය.
දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙරට දෙමළ ජනතාව මුහුණ දෙන දේශපාලනික සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව සාකච්ඡා මෙහිදී සාකච්ඡා කළ බවට තොරතුරු වාර්තා වෙයි.
එමෙන්ම ඒකීය රාජ්‍ය ආණ්ඩු ව්‍යවස්ථාව ඉවත් කර බලය දෙමළ ජනතාවට ස්වයං නිර්ණන අයිතිය ලබාදෙන දේශපාලනික විසඳුමක් ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහෙදී සාකච්ඡා විය.
තමිල්නාඩු සහ උතුරේ ධීවරයින් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබාගැනීම කෙරෙහි ද එහිදී අවධානය යොමු කර ඇත.
ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳිසිටින ලාංකීක ජනතාව මුහුණ දෙනු ලබන දීර්ඝ කාලීන ගැටලුවලට විසඳුම් ලබාගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇති බව වැඩිදුරටත් සඳහන්ය.
