අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට  රටවල් රැසක නියෝජිතයින්

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින්

July 3, 2026   09:04 pm

ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව, චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක් රාජ්‍ය නියෝජිතයින් පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
 
ඒ අනුව මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන රටවල් 33ක ලේඛනයක් ඔවුන් විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත. 

ආසියානු සහ යුරෝපීය රටවල නියෝජිතයින් මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාප නියෝජනය කරමින් එහි නියෝජිතයින් ද මේ සඳහා එක්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් ය. 

එම රටවල් ලැයිස්තුව 

රුසියාව 
චීනය 
පාකිස්ථානය 
ඉන්දියාව 
තුර්කිය 
ටර්ක්මෙනිස්ථානය 
ටජිකිස්ථානය 
ඉරාකය 
ජෝර්ජියාව 
ආර්මේනියාව 
ඇෆ්ගනිස්තානය
ඕමානය 
කටාර් 
අසර්බයිජානය
කිර්ගිස්තානය
උස්බෙකිස්තානය
බංග්ලාදේශය 
ඊජිප්තුව 
කසකස්තානය
ඝානා 
නිකරගුවාව 
කොංගෝව 
සර්බියාව 
ටියුනීසියාව
ලෙබනනය 
නැමීබියාව 
මැලේසියාව
කියුබාව 
ශ්‍රී ලංකාව 
මියන්මාරය
ගැම්බියාව 
තායිලන්තය