ඩෙංගු මර්දනයට ත්‍රිවිධ හමුදාව පෙරමුණට
July 4, 2026 12:52 pm
ඩෙංගු උවදුරෙන් ජනතාව මුදාගැනීමේ ජාතික ප්‍රයත්නයට සක්‍රීය දායකත්වය ලබාදෙමින්, ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහභාගිත්වයෙන් යුත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගමිනින් අද (04) පෙරවරුවේ ආරම්භ විය.
මෙම පුළුල් මහජන සෞඛ්‍ය වැඩසටහන බස්නාහිර පළාත පුරා පිහිටි ආයතන සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
එහිදී, පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම, අවහිර වූ කානු පද්ධති පවිත්‍ර කිරීම සහ අධි අවදානම් කලාපවල වෙසෙන මහජනතාව දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍ර දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවීම සිදු කරනු ලබයි.
ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
