නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් නීතිය හමුවට

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් නීතිය හමුවට

July 4, 2026   02:31 pm

නාවික හමුදාව විසින් පසුගිය ජූනි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ කාල  සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මගින් නීති විරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 27 දෙනෙකු නීතිය හමුවට පමුණුවා තිබේ.

ඒ සමග ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 10 සහ කැනොයි යාත්‍රා 02ක්ද නාවික හමුදා භාරයට ගැනීමටද කටයුතු කර ඇත.

මේ අනුව ත්‍රිකුණාමලය සූඩයිකුඩා, ස්විට් වේ, යාපනය උඩුත්තුරායි, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, වලෙයි, සිලාවතුර සාවාරිපුරම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර , උතුරු සහ වයඹ නාවික විධාන විසින් මෙම මෙහෙයුම් සිදුකර තිබේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුතූර්/ත යාපනය, මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කාර්යාලයන් සහ මරුදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දීමටත් පියවර ගෙන ඇත.