රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

July 5, 2026   07:55 am

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාවේ යුද්ධයට අදායම් උත්පාදනය කරන ප්‍රධාන යටිතල පහසුකම මෙය බවත් මීට අමතරව කලාපයේ ප්‍රධාන රුසියානු නාවික හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කළ බවත්ය.

ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බෙග්ලොව් සඳහන් කර ඇත්තේ නගරයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.

යුක්‍රේනය මෑතක සිට රුසියාවේ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් වෙත දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇති අතර එමගින් පුළුල් ඉන්ධන හිඟයක් මතුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ තෙල් පිරිපහදු ධාරිතාවෙන් 43%ක් පමණ අක්‍රීය වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.