මීගමුව බන්ධනාගාරයේ ගැටුමේ අලුත්ම තත්ත්වය

මීගමුව බන්ධනාගාරයේ ගැටුමේ අලුත්ම තත්ත්වය

July 5, 2026   05:16 pm

මීගමුව බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි

Update  - 6.00 p.m.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුම හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

මේ වනවිට කාන්තා හා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලට මත නැග විරෝධාතාවක් ආරම්භ කර ඇත. 

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.

-------------------------------

Update  - 5:16 p.m.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුම හේතුවෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

එමෙන්ම තුවාල ලැබූ රැඳවියන්ගෙන් තවත් 10දෙනෙකු මීගමුව රෝහල තුළදී සැත්කම් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ. 

සෙසු තුවාලකරුවන් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.