Derana 60 plus season 01 ජනප්‍රියම තරුව දිවි සැරිය නිම කරයි

Derana 60 plus season 01 ජනප්‍රියම තරුව දිවි සැරිය නිම කරයි

July 6, 2026   09:11 pm

Derana 60 plus season 01 තරගයේ ජනප්‍රියම තරුව ලෙස කිරුලු පැලදි බෙන්තරගේ ආරියවංශ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට වයස අවුරුදු 70 වියේ පසුවුණි.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දින ගණනාවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) අලුයම 2.10ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර කහටගස්දිගිලිය 09 පාර කෝන්වැව මහපොතාන යන ලිපිනයේ පදිංචි ඔහුගේ නිවසේ මේ වන විට දේහය තැන්පත් කර ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) කහටගස්දිගිලිය කෝන්වැව සූසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.