බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙනුත් විමර්ශනයක්
July 7, 2026 08:06 am
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට සිය කොමිසම තීරණය කර ඇති බවය.
ඒ අනුව ඒ සඳහා ඊයේ (06) දිනයේ මීගමුව බන්ධනාගාරය වෙත සිය නිලධාරීන් පිරිසක් යොමුකළ ද පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම පිළිබද පූර්ණ විමර්ශනයන් ආරම්භ කරන බව නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.
