පළාත් රැසකට තද සුළං
July 7, 2026 11:36 am
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම තත්ත්වය මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත් පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් බලපානු ඇත.
එම ප්‍රදේශවලට විටින් විට පැ.කි.මී. 40ත් 50ත් අතර පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම තද සුළං තත්ත්වය ඇති වන බව දැනුම් දී තිබේ.
හෙට (08) උදැසන 11 වන තෙක් මෙම නිවේදනය වලංගු වන බව සඳහන් වේ.
මීට අමතරව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වේ.
ඉහත සඳහන් ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
