සටන් විරාමය අවසන් - අද රාත්‍රියේ ඉරානයට පහර දෙන්න ට්‍රම්ප් සැරසෙයි
July 8, 2026 08:47 pm
අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් පසු, අද රාත්රියේදී ද ඉරානයට "බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
එමෙන්ම ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවට ද ඔහු තර්ජනය කර ඇත.
මේ වන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනපති ට්‍රම්ප්, දෙපාර්ශවය අතර පැවති අවබෝධතා ගිවිසුම "දැන් අවසන්" බව පවසා තිබේ.
නමුත් ඔහු මීට පෙර පවසා තිබුණේ සාකච්ඡා ඉදිරියට කරගෙන යා හැකි බවය.
