මත්පෙති, කොකේන් සහ කුෂ් සමග 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට
July 11, 2026 08:45 am
මත්පෙති, කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ කොළඹ මාධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.
සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 69ක්, කොකේන් ග්‍රෑම් 18ක් හා මත්පෙති 40ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
