ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

July 12, 2026   07:07 am

ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවය.

සයිප්‍රස් ධජය සහිත නෞඛාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමගින් ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමග ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

මේ අතර වාර්තාවනුයේ එම නෞකාවට පහරදීමෙන් අනතුරුව එක්සත් ජනපදය විසින්ද ඉරානයට එරෙහිව නව ප්‍රහාර මේ වන විට දියත් කර ඇති බවය.

මෙම ප්‍රහාරයන්ට පිළිතුරු ලබා දෙමින් ඉරානයද සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දියත් කරන බවත් කලාපයේ ඇති නව අමෙරිකානු කඳවුරුද ඉලක්ක කරන බවත්ය.


මෙම සතිය තුළදී ඕමාන් මුහුදු සීමාව හරහා අමෙරිකා එක්සත් ජනපදය නිර්දේශ කළ මාර්ගයක් හරහා ගමන් කළ නෞකා තුනකට ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ අතර ප්‍රහාර එල්ල මෙම ප්‍රහාරයත් සමග ඉරානයට එරෙහිව තුන්වන වටයේ ප්‍රහාර එල්ල කර ඇති බවද එක්සත් ජනපදය සඳහන් කර තිබේ.

සතිය තුළදී වාණිජ නෞකා තුනකට ඉරානය පහර දුන් අතර එම සිදුවීම්වලින් පසුව එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර තිබුණි.