බිම්මල් වගාවටත් රක්ෂණාවරණයක්
July 15, 2026 07:53 am
බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වගා මළු ඒකක 250කින් සමන්විත බිම් මල් ගෘහයක් මාස තුනක කාලයක් සඳහා රක්ෂණය කිරීම සඳහා ගෙවිය යුතු වාරිකය රුපියල් 2,025ක් පමණ වේ.
එමෙන්ම, රෝග හෝ කෘමි උවදුරු හේතුවෙන් ස්ථාපිත බිම්මල් වගාවකට හානි සිදුවුවහොත් රුපියල් 22,500ක රක්ෂණ වන්දියක් ගෙවීමට ද මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු යොදා ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව බිම්මල් වගා කරන ගොවි මහත්ම මහත්මීන්ට මෙම රක්ෂණාවරණය ලබාගැනීමේ හැකියාව පවතින අතර, වගාවට සිදුවිය හැකි අනපේක්ෂිත හානිවලින් ආරක්ෂාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
බිම් මල් වගාව ජනප්‍රිය කිරීමේ අරමුණින්, මෙම වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.
