නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
July 16, 2026 11:42 pm
කඩුවෙල නවගමුව ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ අද (17) රාත්රී නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
පිස්තොල වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල වැලිහිද පාර ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.
