රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

July 17, 2026   01:09 pm

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා එළැඹෙන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.