අමෙරිකාවේ ගංවතුරින් දෙදෙනෙකු මරුට

අමෙරිකාවේ ගංවතුරින් දෙදෙනෙකු මරුට

July 17, 2026   06:41 pm

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් ‍දෙදෙනෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයින් සිය රථ වාහනවල සිටියදී ගංවතුරට ගසා යාමෙන් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගංවතුරට හසුවු පුද්ගලයින් මුදා ගැනීම සදහා ආපදා අංශ මෙහෙයුම් 200කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බව සදහන් වේ.

ආපදා තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ මාර්ග 125කට පමණ හානියට ලක්ව ඇති අතර මාර්ග 87ක් වසා දමා ඇත.

කෙසේවෙතත් එරට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ වර්ෂාපතනය තවදුරටත් පැවතියහොත් ගංගාවල ජල මට්ටම් ද වාර්තාගත ලෙස ඉහල යනු ඇති බවය.