රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගමේ ගබඩා දෙකකට යුක්රේන ප්‍රහාරයක්
July 18, 2026 05:14 pm
රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගම වන 'Wildberries' (වයිල්ඩ්බෙරීස්) හි ගබඩා දෙකකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරවලින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් 62 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව, මොස්කව් නුවරට ගිනිකොණ දෙසින් පිහිටි තම්බොව් නගරයේ ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
මොස්කව් කලාපයේ පිහිටි එලෙක්ට්‍රොස්ටල් නගරයේ ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇත.
