රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක්

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක්

July 19, 2026   07:24 am

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

දෙහිවල ගිනි නිවීමේ ඒකකය පැවසුවේ එම මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බවය.

ගින්න මැඩපැවැත්වීම සඳහා දෙහිවල ගිනිනිවීමේ ඒකකයේ රථ දෙකක් යොමු කර ඇති බවත් මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත් එම ඒකකය සඳහන් කළේය.