සයුරෙන් එතෙර
නිරිතදිග චීනයේ සිදු වූ නායයෑමෙන් 8දෙනෙකු මරුට
July 19, 2026 09:37 am
නිරිතදිග චීනයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 08දෙනෙකු මියගොස් තවත් 34දෙනෙකු අතුරුදන්ව තිබේ.
නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ දී මෙම නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම මෙම නායයෑම හේතුවෙන් ගොඩනැගිලි 10කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව ද සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ නායයෑමට ලක්වූ ස්ථානයේ සිටි පුද්ගලයින් 10දෙනෙකු බේරාගෙන රෝහල් ගතකර ඇති අතර එම ප්‍රදේශයේ පුද්ගලයින් 1,100කට වැඩි පිරිසක් වෙනත් ස්ථානයකට යොමුකර ඇති බවය.
