බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නඩු
July 20, 2026 10:36 am
බදු ගෙවිම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
බදු ගෙවිම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැදවනු ලැබීය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කෙරිණි.
