සිව් හැවිරිදි සිඟිත්තිය ඩෙංගු මාරයට බිලි

සිව් හැවිරිදි සිඟිත්තිය ඩෙංගු මාරයට බිලි

July 21, 2026   12:51 pm

ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් වයස අවුරුදු හතරයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් ගාල්ල ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල, නිල්වැල්ල, ඇතුලස්සවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

තද උණ තත්ත්වය හේතුවෙන් ප්‍රථමයෙන් දික්වැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති මෙම දැරිය, රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා මාතර මහ රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එදිනම ගාල්ල ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර යවා ඇත.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දැරිය මිය ගොස් තිබේ.

ගාල්ල ජාතික රෝහලේදී ඊයේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදුව ඇති බවයි.